Family Papilionidae (15) (පැපිලියොනිඩේ කුලය )

ප්‍රමාණයෙන් විශාලතම දේහ දරණ සමනලුන් මෙම කුලයට අයත් වෙයි

ශ්‍රීලංකාවට ආවේණික සමනලුන් විශේෂ 2 ක් දැකිය හැක .ඒ Ceylone Birdwing ( Troides darsius)- සියොත්පියා   සහ 
Ceylone Rose (Pachliopta jophon) - හෙළ සෙව්වන්දියා  යි .

ශ්‍රීලංකාවේ විශාලතම සමනලයා සහ ජාතික සමනලයා  වන  Ceylone Birdwing ( Troides darsius)- සියොත්පියා අයත් වන්නේ මේ කුලයටයි. 

වේගවත් පියාසර රටාවක් පෙන්වයි.

ලිහිණි පෙඳ සමනලුන් ලෙස හදුන්වයි.

මොවුන් දිය කඩිති ,මඩ සහිත ස්ථාන වලින් තම ඛණිජ ලවණ වල අවශ්‍යතාව සපුරා ගනී.

අනෙකුත් කුල වලට අයත් සමනලුන්ගේ බිත්තර වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල බිත්තර පත්‍ර යටි පැත්තේ,පත්‍ර වල දාරයේ,ශාක දළු වල දමයි.

දළඹවා ඉතා විශාල ආහාර ප්‍රමාණයක් ආහාරයට ගනී.

බොහොමයක් දළඹවන්ගේ සමෙහි අනෙකුත් විලෝපිකයන් බියවැදීමට සහ නොමග යැවීමට ව්‍යාජ ඇස් වැනි සටහන් දරයි.

කෝෂය සෑදීමේදී හිස ඉහළට සිටින සේ පෘෂ්ඨයට තන්තුවකින් සම්බන්ධ වේ.

කෝෂ අවධියේ ඉතා දිගු කාලයක් ගත කරයි.

පියාපත් අනෙක් සමනලුන්ට සාපේක්ශව ඉතා විශාල වන අතර ඒවාහි  අලංකාර වර්ණ දරයි.





පැපිලියොනිඩේ කුලයට අයත් සමනලුන් 


3.Ceylon Rose - Pachliopta jophon (Endemic) - හෙළ සෙවිවන්දියා
7.Red Helen - Papilio helenus mooreanus - දියසැරියා
12.Common Jay - Graphium doson - ප්‍රලාපනී
14.Spot Swordtail - Pathysa nomius nomius - තිත් පියාසියා
15.Five bar Swordtail - Pathysa antiphates ceylonicus - පස්බරු පියාසියා


පැපිලියොනිඩේ කුලයට අයත් සමනලුන් පිලිබඳ විස්තරාත්මකව ..


Ceylone Birdwing (Troides darsius)
Crimson Rose (Pachliopta hector)
Common Rose (Pachliopta aristolochiae ceylonica )


Common Banded Peacock (Papilio crino)



Lime Butterfly (Papilio demoleus demoleus)

Common Mormon (Papilio polytes romulus)
Blue Mormon (Papilio polymnestor parinda )
Mime (Chilasa clytia lankeswara )

Tailed Jay (Graphium agamemnon menides )
Bluebottle (Graphium sarpedon teredon )





No comments:

Post a Comment