Crimson Rose ( Pachliopta hector ) - අරුණු සෙවිවන්දියා |
- රතු පැහැය සහ කලු පැහැයෙන් යුක්ත අලංකාර සමනලයෙකි.
- බිත්තර දැමීමට ධාරක ශාකය ලෙස සප් සද ( Aristolochia indica) වැල් සොයමින් යනු දැකිය හැක.
- පත්‍ර කෙලවර පාද වලින් රැදී තටු විවෘතව, පහලට එල්ලා වැටෙන සේ සිටිනු දැකිය හැක.
- ගැහැණු සමනලයා පිරිමි සමනලයාගෙන් අදුනා ගැනීම අපහසුය.
- තැඹිලි පැහැති ගෝලාකාර බිත්තර සප් සද වැලේ පත්‍ර යටි පත්තේ තනි තනිව දැම්මීම සිදු කරයි .
- බිත්තර පුපුරා කුඩා කීටයන් එලියට ඒමට දින 4-5 අතර කාලයක් ගනී.
- වැඩුනු දළඹුවන් අදුරු රතු පැහැයක් ගනී.
- common rose ( Pachliopta aristolociae ) දළඹුවන් ද අදුරු රතු පැහැති වුවද ඔවුන්ගේ ශරීරයේ සුදු පැහැති හරස් පටියක් දැකිය හැක.
pupa - Crimson Rose ( Pachliopta hector )
|
pupa - Crimson Rose ( Pachliopta hector )
|
No comments:
Post a Comment