Butterflies


                             ශ්‍රීලංකාවේ සමනලුන් 



      ශ්‍රීලංකාවේ සමනලුන්  වර්ග 245 දක්නට හැකිය.ඒ අතුරින් සමනල් විශේෂ 23 ක් මෙරටට ආවේණික සමනල් විශේෂ වේ. එම විශේෂ 23 කුල අනූව ගත් කල මෙසේය.

  
                                                පැපිලියොනිඩේ කුලය  - 2
                                                පියරිඩේ කුලය            - 2
                                                ලයිසැනිඩේ කුලය       - 9
                                                නිම්ෆාලිඩේ කුලය       - 8
                                                හෙස්පරයිඩේ කුලය     - 2
        • 6 Families ( කුල ) :-


1) Papilionidae (15) (පැපිලියොනිඩේ කුලය ) 

6) Riodinidae (1)  (රියොඩිනිඩේ කුලය) 






       

 වර්ගීකරණය 

Kingdom - Animalia
Phylum   -  Arthropoda
Class       -  Insecta
Order       - Lepidoptera -  super family Hedyloidea      -      Family Hedylidae
                                          super family Hesperioidae    -      Family Hesperiidae
                                          super family Papilionoidae   -      Family Papilionidae
                                                                                               Family Pieridae
                                                                                               Family Lycaenidae
                                                                                               Family Nymphalidae
                                                                                               Family Riodinidae




සමනලයාගේ ශරීරයේ කොටස් 







                     සමනලයාගේ ජීවන චක්‍රය 
   
    සමනලයාගේ ජීවන චක්‍රය 
                                         බිත්තර ( Eggs) 
                                         කීට ( Larva)   
                                         පිලා (pupa) 
                                         සුහුඹල් (Adult) 
                                                           යන අවදි හතරෙන් සමන්විතයි.





1) සමනළ බිත්තරය ( Egg )

 ගැහනු සමනළයා තම විශේෂයට ආවේණික ශාකයක බිත්තර  දමනවා.( දළඹුවා  ආහාරයට ගන්නා ශාකය ආසන්නයේ ඇති ශාකයක හෝ ස්ථානයක බිත්තර දැමීම සිදුකල අවස්තා වාර්ථා වී ඇත.) 
දළඹුවා  ආහාරයට ගන්නා ශාකය ( Host Plant) හමුවෙන තුරු ගැහැනු වැඩිහිටි සමනළයා ශාක වල  කොළ ස්පර්ශ කරමින් පියාසර කරනවා 
බිත්තර විශේෂයෙන් විශේෂයට හැඩයෙන් වෙනස් වෙනවා
බිත්තර මෝරා කුඩා දළඹුවා පිටතට පැමිනීමට සාමාන්‍යයෙන් දින
    5-7 අතර කාලයක් ගතවෙනවා

ගැහැණු සමනළයා බිත්තර දමන ආකාරය

Plain tiger ( Danaus chrysippus ) laying eggs on
Calotropis gigantea ( Apocynaceae)
Banded Blue Pierrot (Discolampa ethion) laying eggs on
Ziziphus napeca (Rhamnaceae)- එරමිණියා


      


                                                    





විවිධ හැඩැති බිත්තර


ගැහැනු සමනලයා  බිත්තර තනි වශයෙන් හෝ සමූහ වශයෙන් දැමීම සිදු කරයි.
   
බිත්තර ගෝලාකාර,තර්කුරූපී,ඔවලාකාර හැඩැති වේ.
   
මෙම හැඩැය විශේෂයෙන් විශේෂයට වෙනස් වේ.
   
බිත්තර ශාකයේ දලු වල , නාරටියේ,පත්‍රය මත,
පත්‍රය යටිපස,පුෂ්ප වල පොහොට්ටු මත දැමීම සිදු කරයි  




Egg - ommon rose ( Pachliopta aristolociae )




    
         Egg - Blue Tiger (Tirumala limniace)  




                                       

Egg -Mottled Emigrant (Catopsilia pyranthe)



Egg -Tawny Coster (Acraea terpsicore)







                             








                       
Egg -Indian Palm Bob (Suastus gremius)






2) සමනළ දළඹුවා ( Larva )



  •  බිත්තරය තුල වැඩුනු කුඩා දළඹුවා බිත්තරයෙන් එලියට පැමිනි පසු (hatch) මුලින්ම සිදු කරන කාර්යය වන්නේ බිත්තර කටුව ආහාරයට ගැනීමයි
  • එමගින් කුඩා දළඹුවා වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන  ලැබේ
  • දළඹු අවදිය තුල අදියර ( Instar) කිහිපයකින් ගත කරයි

  • දළඹුවා තම පැරණි සම කිහිප විටකදීම (4-5) ඉවත් කරයි (moult),මෙම හැව සැලීමේදී දළඹුවා රූපීයව වෙනස් වීමට ලක් වේ .
  • ඉවත් කල පැරණි සමද ආහරයට ගනී

  • ඔවුන් තම ධාරක ශාකය ( Host Plant)අනුභව කරයි .







                 දළඹුන්  බිත්තරයෙන් එලියට පැමිණි විගස


Tawny Coster (Acraea terpsicore) caterpillars



දළඹුවාගේ  වර්ධනය

බිත්තරයෙන් එලියට පැමිණි කුඩා දළඹුවා බිත්තර කටුව ආහාරයට ගන්නා අයුරු


                        common rose ( Pachliopta aristolociae ) caterpillar






දළඹුවා  තම පැරණි සම ඉවත් කරගන්නා ආකාරය



        
        Tawny Coster (Acraea terpsicore) caterpillar


 common palmfly ( Elimnias hypermnestra) caterpillar






දළඹුවා  තම පැරණි සම ආහාරයට ගන්නා ආකාරය 

                    
     Common Leopard (Phalanta phalantha) caterpillar


Psyche (Leptosia nina) caterpillar
                                    








දළඹුවාගේ  ශරීර අවයව




දළඹුවාගේ  අවසාන අවදියේදී ( Final Instar) තම 

  කෝ අවධ්ය( pupa)ගත කිරීමට සුදුසු තැනක් සෙවීමට
ගමන් කිරීම ආරම්භ කරයි
සුදුසු තැනක් ලැබුනු පසු කොක්කක් වැනි තුඩකින් 
   ( cremaster) ධාරක පෘෂ්ඨයට සවිවනවා 
මේ අවස්ථාව pre – pupate ලෙස හඳුන්වනු ලබනවා

මොවුන් පැය 10 – 12 අතර කාලයක් කෝෂය 
සාදන තෙක් මෙසේ රැදී සිටිනවා.

  • මෙහිදී මොවුන් තම සිරුරේ පිටත සම හැකිලීමකට ලක් කරමින් පසු වෙනවා..


   


    පෙර කෝ අවදියPre - pupate)

Bluemormon (papilio polimnestor) pre- pupate
                                                             
common rose ( Pachliopta aristolociae ) pre-pupate

Blue Tiger (Tirumala limniace)  pre-pupate

                   
                                                3) කෝෂ  අවධිය ( pupa)


  • කෝෂ අවදියේදී , පෙර කෝ අවදියේදී පැවති කටු සහිත සම ඉවත් කර ඇති අතර ආරම්භයේදී තෙත ස්වාභාවයකින් යුක්තයි .
  • කෝය අභ්‍යන්තරයේ තරලයක් සමන්විත වන අතර 
  • එය දළඹු අවදියේදී ගත් ආහාර වලින් ලැබුන පෝෂණ ද්‍රව්‍ය වලින් සමන්විත වේ .
  • මෙම තරලය ජීවය පවත්වා ගෙන යාමට උපකාරී වේ.
  • ක්‍රමයෙන් කෝයේ තෙත් ස්වාභවය නැති වී වියලි ස්වභාවයක් ගනී. 

  • දින 7-10 අතර කාලයක් කෝශය තුල රූපීයව විවිධ වෙනස්වීම් වලට භාජනය වී වැඩුනු සමනලයෙකු කෝයෙන් පිටතට පැමිනේ.





                         Pre – pupa අවධ්යේ සිට  pupa තෙක්


                                                                             Common Mormon (Papilio polytes) caterpillar preparing to its pupate

Common Mime (Papilio clytia)
     
Common Leopard (Phalanta phalantha)




ව්ව්ධ කෝෂ ආකාර




Crimson Rose (Pachliopta hector) pupa

Apefly (Spalgis epius) pupa

Tawny Coster (Acraea terpsicore) pupa

Psyche (Leptosia nina) pupa


සමනලයා කෝෂයෙන් පිටතට පැමිණීම



Common Mime (Papilio clytia)




සමනලුන් පෝෂණය ලබාගන්නා ආකාරය 

  • බොහෝමයක් සමනලුන් මල් පැණි උරා බීම සිදුකරන අතර  තවත් සමහරක් සමනලුන් කුණු වූ පලතුරු මත යැපෙනු දැකිය හැක.
  • Family  hesperiidae සමනලුන් කුරුලු වසුරු මත යැපෙනු දැකිය හැකිය.
  • මොවුන් තම ඛණිජ අවශ්‍යතාව සපුරා ගැනීමට දිය සීරාව තෙතමනය ඇති පසෙහි තරල උරාබීම සිදු කරයි 
  • පිරිමි සමනලුන් මෙසේ ඛණිජ උරා බීම සිදු කරන අතර සංසර්ගයේදී පිරිමි සමනලයා විසින් ගැහැණු සමනලයාට තමන් ලබා ගත් ඛණිජ හුවමාරු කිරීම සිදු කරයි.


Common Redeye (Matapa aria) feed on bird drop


Dark brand bushbrown (Mycalesis mineus)
feed on fruits


Feed on wet soil


Feed on flowers

ඛණිජ අවශෝෂණය කරන ආකාරය..
  • සමනලුන් තම ඛණිජ අවශ්‍යතාවය සපුරා ගැනීමේදී අපූරු සිදුවීමක් දැකිය.ඒ ඔවුන් බුබුළු ලෙස ඔවුන්ගේ බහිශ්‍රාවයන් පිට කිරීමයි.
  • මෙහිදී ඔවුන් තම දේහයන් පාවිච්චියට ගන්නා ලද ඛණිජ පිට කරන අතර එම පිට කිරීමේදී ඇති වන චූශන බලයෙන් තරල පසෙන් ලබා ගැනීම පහසු වේ.















ශ්‍රීලංකාවේ සමනල නාමාවලිය >>>

ශ්‍රීලංකාවට ආවේණික සමනලුන් >>>


       
 දළඹුවා,කෝෂය,සමනලයා පරිසරයට අනුවර්තනය වී ඇති ආකාරය >>>


















                                                               







4 comments:

  1. Thanks
    This is very helpful.
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    👍🏻👍🏻👍🏻👍🏻👍🏻😊😊😊😊😊

    ReplyDelete
  2. සමනළයින් ආකර්ෂණයට අවශ්‍ය පැල වන අඩනගිරිය, කංකුබල, බලු නකුට, ඇත් අඩි, වැනි දාරක ශාක මිලදී ගැනිමට එන්න සමනළ PLANT SHOP. Call 0723 723 888 / www.facebook.com/samanalaplantshop.lk

    ReplyDelete