Common Red Eye (Matapa aria)
- දුඹුරු පැහැති සමනලයෙකි.ඇස රතු පැහැති විශාල එකකි.
- ඉතා වේගයෙන් පියාඹයි.කුරුලු වසුරු මත යැපෙයි.
- අදුරු ස්ථාන වලට ප්‍රියය.අදුර වැටුන විට ක්‍රියාකාරී වේ.
- ධාරක ශාකය Bambusa vulgaris ( Poaceae) උණ.
- සුදු පැහැති බිත්තරයක් ධාරක ශාකයේ පත්‍රයේ කෙලවර දමයි.
- දළඹුවා සොයා ගැනීම පහසුය.ධාරක ශාකයේ පත්‍රයේ කෙලවරට වන්නට වෙන් නොවන පරිදි කපා එය පහලට එල්ලෙන පරිදි රෝල් කරගෙන පත්‍ර ආහාරයට ගනී.
- දළඹවා ආරම්භයේදී රතු පැහැතිය.පසුව ක්‍රමයෙන් කඳ කොල පැහැති වී සුදු පැහැයට හුරු වේ.
- කෝෂය ධාරක ශාකයේ පත්‍රය රෝල් කර සාදා ගනී.
|
No comments:
Post a Comment